හිටපු ඇමතිගේ අවුරුදු සාජ්ජයේ දී දෙපිරිසක් ගැටේ


(සුරංග රාජනායක)

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ අවුරුදු සාදයේ දෙපිරිසක් ගැටී  දෙදෙනෙකු තුවාල ලබා නාවලපිටිය රෝහලට ඇතුළත් කොට ඇතැයි නාවලපිටිය පොලිසිය පවසයි.

මෙසේ තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ නාවලපිටිය බව්වාගම දෙදෙනෙකි.

මෙම අවුරුදූ පාටියේදී ගෝඨාභය ගෝ හෝම් කියමින් ආණ්ඩුව විවේචන කළේ යැයි ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම ඇති වූ  බව පොලිසිය පවසයි.